වාර්තාව භාර දෙද්දී මැතිසබේ කාලගෝට්ටි
අගවිනිසුරු ආචාර්ය ශිරානි බන්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග තීන්දුව කතානායකවරයාට භාර දෙද්දී ඇමති මර්වින් සිල්වා මහතා පාර්ලිමේන්තුවේ කලබලයක් කළේය.
ජෝන් අමරතුංග හා විජිත හේරත් මන්ත්‍රීවරුන් දෙදෙනා (කාරක සභාවේ හිටපවු නියෝජිතයන්) තීන්දුවට එරෙහිව කරුණු දක්වද්දී මර්වින් සිල්වා මහතා විපක්ෂය දෙසට පනින්නට උත්සාහ කළේය.
වේත්‍රධාරී මැදිහත්වී ඔහු මෙල්ල කර ගත්තේය.
විපක්ෂ මන්ත්‍රීන් සිව් දෙනා තේරීම් කාරක සභාවෙන් ඉවත්වූ පසු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් හත් දෙනාගෙන් සමන්විත කාරක සභාව සිකුරාදා මැදියම් රැය වනතුරු සාක්කි විමසා අවසන් වාර්තාව ලියා ඇත.
අගවිනිසුරුවරිය ද කමිටුව වර්ජනය කැර සිටියාය.
සභාපති යාපා මහතා වාර්තාව කතානායකට භාර දෙමින් පැවසුවේ අගවිනිසුරුවරියට උත්තර දීමට දින 20ක් කල් දුන් බවයි. කමිටුව දින අටක් රැස්වූ බවද , අගවිනිසුරුවිරිය විසින් ලේඛණ 139ක් ඉදිරිපත් කළ බවද, ඉන් දෙකක් කමිටුව විසින් පිළිගත් බව ද ඔහු කීවේය.

