වායු කාරයක් ඉන්දියාවෙන් By None // 2012 පෙබ 19 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දියාවේ ටාටා මෝටර් සමාගම හුළං බළයෙන් ධාවනය වන කාරයක් මේ වසරේ අගෝස්තුවේදී ධාවනයට එක් කිරීමට සැරැසෙයි. සම්පීඩනයට ලක්කළ වාතයෙන් කාරයේ පිස්ටනය ඉහළට පහළට තල්ලූ කිරීමට සැලැස්වීමෙන් එය ධාවනය කැරෙයි. ”මිනි කැට්” නමින් හැඳින්වෙන මේ කාරයක මිල ඇමෙරිකා ඩොලර් 8177කට නියම කිරීමට යයි. රුපියල් 9,82.000ක් පමණ වෙයි. වාතය අපිරිසිදු කිරීමක්ද නැත. කාරය පයිබර්ග්ලාස් ඇලැවීමෙන් එකලස් කැරෙයි. පරිගණක කාඞ්පතකින් කාරය පණ ගැන්වෙයි. කිලෝමීටර් සියයකට වැයවනුයේ ඉන්දියා රුපියල් 50කට අඩු මුදලකි. පැයට කිලෝමීටර් 105ක වේගයෙන් ධාවනය කළ හැකිය. ඉන්ධන හලකින් පුරවාගන්නා සම්පීඩිත වායු ටැංකිය මිල ඉන්දියා රුපියල් 100 ක් පමණ වෙයි. එයින් කිලෝමීටර් 300ක් පමණ ගමන් කළ හැකියි. මේ කාරයේ නඩත්තුවද ඉතා අල්පය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත