දකුණු අප්‍රිකාවේ ක්වාසූලූ පළාතේ හොවික් නගරයේ ලේසර් වානේ කදන් වලින් නෙල්සන් මැන්ඩෙලාගේ අපුරු මූර්තියක් නිර්මාණය කැර ඇත.
මුර්තී ශිල්පි මාර්කෝ සියැං පෙනෙලිගේ මේ නිර්මාණය මුර්ති ශිල්පයේ විශ්මය ජනක උත්සාහයකි. ලෙසර් තාක්ෂණයෙන් හැඩ තල කැපු වානේ කදන් පනහකින් ඔහු මැන්ඩලාගේ මුහුණේ රුව මුර්තිමත් කරයි.
මීටර් 5-6 සිට 6-10 දක්වා උසැති වානේ කණු අතරින් මැන්ඩලාගේ මුහුණ දැක බලා ගැනීමට නම් එක්තරා දුරක සිට එක්තරා කෝණයකින් බැලිය යුතුය.
‘නිදහස සොයා මැන්ඩෙලා ගමන් කළ මාර්ගය සංකේතවත් කැරමින් මාර්ගයක කෙළවර මුර්තිය ඉදි කැර ඇත.
මැන්ඩලාගේ මුහුණ දැකගැනීමට නම් මුර්තියේ සිට මීටර් 35 ක් ඈතට යා යුතුය.

