සාදයකට සහභාගීවී පැමිණෙමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් වාද්දූව පොතුපිටියේදී නවතා තිබූ ලොරියක ගැටීමෙන් වෑන් රථයේ පැමිණි තරුණයකු (26) මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබූ වෑන් රියේ ගමන්ගත් 5 දෙනකු හා නවතා තිබූ ලොරි රථයේ ටයර් මාරු කරමින් සිටි එහි රියදුරු පානදුර රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
මිය ගිය තරුණයා දෙහිවල පදිංචිකරුවකු බවත් ඔහුගේ සහෝදරයාද අනතුරින් තුවාල ලබා ඇති බවත් වෑන් රථයේ ගමන්ගත් පිරිස වස්කඩුව හා දෙහිවල පදිංචි අය බවත් කියති.

