(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර ගොඩගම ප්‍රදේශයේ දී වැස්සත් සමඟ වල් ඇඹරෙල්ලා ගසක් කඩා වැටීමෙන් ශරීර සුවතාවය සදහා සිය සැමියා සමඟ ඇවිදිමින් සිටි 53 හැවිරිදි කාන්තාවක් අද (10) උදෑසන එම ගසට යට වීමෙන් මිය ගොස් ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
වැස්සෙන් නොතෙමී සිටීමට පාර අයිනේ වෙළෙඳසැලක් යටට ගොස් ගස වැටෙන ශබ්දයට නැවත පාරට දුව යන විට එම ගසට යටවීමෙන් මරුමුවට පත් වූයේ මාතර හිත්තැටිය මැද පදිංචිව සිටි විනීතා ජයසිංහ (53) නැමැති තිදරු මවකි.
ඇයගේ සැමියා සුරාබදු නිලධාරියකු වන අතර ඔහු සමඟ ශරීර සුවතාවයට ඇවිදිමින් සිටින අතරතුර මෙම අනතුරට ලක්ව තිබේ.
සැමියා වෙනත් අයෙකු සමඟ කතා කරමින් සිටින විට ගස වැටෙන ශබ්දයට වෙනත් පැත්තකට පැන තිබෙන අතර පාර දෙසට දුව ගිය බිරිද ගසට යට වී ඇති බව පසුව දැක ඇය ඉන් පිටතට ගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබුණි.
එහි හදීසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී ඇය මිය ගිය බව පොලීසිය කියයි.