ව්‍යාපාරිකයාට සිර දඬුවම්


බීමතින් අධික වේගයෙන් කාර් රථයක් පදවා පාපැදිකරුවන් තිදෙනකු සහ මගීයකු හප්පා එක් අයෙකුගේ මරණය සිදු කර  ඉතිරි තිදෙනාට  බරපතල තුවාල සිදු කිරිමේ  චෝදනාවන්ට වරද පිළිගත්  ව්‍යාපාරිකයෙකුට  කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා වසර  දෙකක බර වැඩ සහිත සිර දඬුවම් සහ  රුපියල් ලක්ෂ තුනක වන්දියක් නියම කළේය.

2009.04.24 කිරිබත්ගොඩ සපුගස්කන්ද මාර්ගයේ දී සිදු කළ එම වරදට දඬුවම් නියම වුයේ ගෝනවල පදිංචි මහේෂ් ක්‍රිෂාන්ත සිල්වා නැමැති 28 හැවරිදි තරුණ ව්‍යාපාරිකයකුටය.