ව්‍යාපාරිකයාගේ දරුවා පැහැර ගනී


මීගලෑව,ගිරාතලාන,කටුගම්පොළගම ව්‍යාපාරිකයකු වන පියාට ද බිරියටද පිහියෙන් ඇන ඔවුන්ගේ සිව් හැවිරිදි පුතා පැහැරගත් මැරයින් සිව් දෙනකු යතුරු පැදි දෙකකින් සඳුදා (28) මහ රෑ පලා ගිය බව මීගලෑව පොලීසිය කියයි.

මැරයින් දෙදෙනකු ෆුල් ෆේස් හෙල්මට් පැළැද  සිටි බවත් තවත් දෙදෙනකු  රෙදි පටි මුහුණේ බැඳගෙන සිටි බවත් පොලීසිය පවසයි.

නිවසේ බඩු සොරා ගැනීමක් හෝ කප්පම් කෑමක්  වෙනුවෙන් මේ දරුවා පැහැරගත් බවක් නොපෙනේ යැයි ද පොලීසිය සඳහන් කරයි.

පැහැරගත් දමිදු යශේන් ඒකනායක දරුවා  ගැන අද (29) සවස්වන තුරුම නිසි තොරතුරක් ලැබී නොමැත.

sanj6

sa5

sanj7 sanj1 sanj2 sanj4 sanj5