අමදෝරු අමරජීව
සේවක අර්ථසාධක අරමුදල් ගෙවිම් පැහැරහැරිම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරිමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 10,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියකු ලබන ජුලි 5 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය වැඩබලන මහේස්ත්‍රාත් ඒ.එම්.අන්සාස් මහතා අල්ලස් හෝදුෂණ කොමිසන් සභාවේ වැටලීම් අංශ නිලධාරින්ට නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගත වුයේ කම්කරු දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සුලෙයිමාන් ජෙමිල් සාදික් (34) නැමැති කම්කරු නිලධාරියාය.
ත්‍රිකුණාමලය නගරයේ ව්‍යාපාරික ආයතනයක සේවකයකු තමන්ට සේවක අර්ථසාධක මුදල් ගෙවා නැති බවට කම්කරු දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාර්යාලටය කළ පැමිණිල්ලකට අනුව එම ව්‍යාපාරික ස්ථානයට පැමිණි සැකකාර කම්කරු නිලධාරියා නීතිය ක්‍රියාත්මක නොකිරිමට රුපියල් 10,000ක අල්ලස් මුදලක් ගනිද්දී අල්ලස් හෝ දුෂණ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බව ඉදිරිපත් කළ වාර්තාවෙන් කියවිනි.
විමර්ශන නිලධාරින් කළ ඉල්ලිමක් සළකා බැලු වැඩබලන මහේස්ත්‍රාත්වරයා ලබන ජුලි 5 වැනි දා සැකකරු කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමලය බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.