ව්‍යාපාරික මල්ලෙන් ඉබ්බන් එළියට


අඬුවලට ටේප් ගසා  ගමන් මල්ලේ  සඟවාගෙන මලයාසියාවේ  ක්වාලාලාම්පුර් වෙත රැගෙන යාමට උත්සහ කළ  ජීවී ඉබ්බන් 124 ක් සමඟ ව්‍යාපාරිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු අද අළුයම 00.55 ට පමණ මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච් 178 දරණ ගුවන් යානයෙන් ක්වාලාලාම්පුර් බලා යාමට කටුනායකට පැමිණ තිබේ.

මින් එක් ඉබ්බෙකු මිය ගොස් සිට බව රේගුව කියයි. මෙම ඉබ්බන්ගේ අඬු වලට ටේප් ගසා සපත්තු මේස් තුළ බහා තිබු බව රේගුව කියයි.