සිය සැමියා වන එස් ටී එෆ් පොලිස් පරීක්ෂක තුසිත කුමාරසිරි (34) තලංගමදී පැහැරගෙන මරාදැමී යැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිමාලි කරුණාරත්න(49) නම් ධනවත් ව්‍යාපාරික කත ලබන 13 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා අද නියෝග කළේය.
ඇය හෘද රෝග වෛද්‍ය විශේෂඥයකු වෙත යොමු කරන ලෙස උසාවියෙන් නියෝග කළත් බන්ධනාගාර නිලධරයන් එය ඉටු කැර නැතැයි ඇගේ නීතීඥවරයා පැවසීය.
බන්ධනාගාර නිලධරයන් ප්‍රකාශ කළේ පුර්ව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට ඇය අපොහොසත් වු බවයි.එහෙයින් බන්ධනාගාර වෛද්‍යවරයා එසේ ක්‍රියා කළ බවද බන්ධනාගාර නිලධරයෝ කීය.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)