ව්‍යාජ වීසා වලින් කැනඩා ගිය මගියකුට දඩ


(ටෝනි කරුණානායක)
 
ව්‍යාජ වීසා බලපත්‍රයක්  උපයෝගී කර ගනිමින් කැනඩාවට ගිය ගුවන් මගියකුට කටාර් ගුවන්තොටුපල බලධාරීන් විසින් ශ්‍රී ලංකාවට පිටුවහල්  කර එවීමෙන් පසු ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්  විසින් අද (20)  අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර ගුවන් මගියාට රුපියල් 10,000 මුදලින් ද රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ෆිලනි චතුරන්ති පෙරේරා මහත්මිය නියෝග කළාය.