ව්‍යාජ රත්තරන් කිලෝ 2 ක් සමග 8 දෙනෙක් අල්ලයි


 (නිමල් ජයරත්න)

රුපියල් ලක්ෂ 124කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව කියන ව්‍යාජ රත්‍රන් බෝල කිලෝ දෙකක් පමණ සැකකරුවන් අටදෙනකු සමග දිඹුලාගල මගුල්දමනේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.

සැකකරුවන් සමග මොටර් රථයක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් කිහිප දෙනකු ‍මෝටර් රථයකින් පළා ගොස් ඇත.