ව්‍යාජ මුදල් නෝට්ටු 48ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)  
                                    
රුපියල් 5000 සහ 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 48ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු චාවකච්චේරි සහ වව්නියාව නෙදුන්කර්නි  ප්‍රදේශවලදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.      
                         
චාවකච්චේරි පොලිසියට අද(10) අලුයම ලැබුණු තොරතුරක් මත කයිනඩි ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් දෙදෙනා සතුව ව්‍යාජ මුදල් නෝට්ටු(5000) 20ක් තිබූ බව පොලිසිය කියයි.    
                                                  
සැකකරුවන් දෙදෙනා නෙදුන්කර්නි පදිංචිකරුවන් දෙදෙනෙකි.     
                           
වව්නියාව නෙදුන්කර්නි ප්‍රදේශයේ පොලිසිය ඊයේ රාත්‍රී 11.30ට පමණ සිදුකළ තවත් වැටලීමකදී රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 18ක් සහ රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 10ක් සමඟ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.