(චන්ද්‍ර සේන ගමගේ
වීරකැටිය ගෝනදෙනිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වා ගෙන යනු ලැබූ ව්‍යාජ මුදල් මුද්‍රණය කළ ස්ථානයක් වටලා ව්‍යාජ මුදල් තොගයක් සමග සැක කරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිස් වශේෂ කාර්ය බලකාය පවසයි.
අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළ බව පවසන පොලීසිය එහිදී මුද්‍රණය කරන ලද රුපියල් 21280 ක වටිනාකමකින් යුක්ත ව්‍යාජ මුදල් තොගයක්ද ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම සදහා යොදාගත් බවට සැක කෙරෙන ලැප්ටොප් පරිඝණකයක් මුද්‍රණ යන්ත්‍රයක් ස්කෑන් යන්ත්‍රයක් ද සොයාගත් බව පොලීසිය පවසයි.
අත් අඩංගුවට පත්ව ඇත්තේ ගෝනදෙනිය ප්‍රදේශයේම පදිංචි කරුවන් දෙදෙනෙකි.
ඔවුන් වයස 21 හා 20 පසුවෙන්නන් බවත් එක් සැක කරුවෙකු නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරන්නෙකු බවට තොරතුරු ලැබී ඇතැයිද පොලීසිය පවසයි.
අත් අඩංගුවට පත් සැක කරුවන් අද (15) දින වලස්මුල්ල මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.