(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කිරිබත්ගොඩ දිප්පිටියගොඩ ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ස්ථානයක් වටලා පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර ව්‍යාජ මුදල් මුද්‍රණයකිරීමේ ප්‍රධාන සැකකරු ද වන බව පොලිසිය පවසයි.
ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද මුදල් නෝට්ටු 39ක් ද මුදල් නෝට්ටු මුද්‍රණයට යොදාගත් පරිගණකයක් හා මුද්‍රණ යන්ත්‍රයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
රුපියල් 1000 නෝට්ටු 32ක් සහ රුපියල් 500 නෝට්ටු 7ක් ඒ අතර වන බවත් පොලිසිය වැඩිදුරටත් කියයි.
ව්‍යාජ මුදල් නෝට්ටු මාරු කිරීම සඳහා පුද්ගලයන් තිදෙනෙකු කැලණිය දිප්පිටියගොඩ ප්‍රදේශයට පැමිණි සිටින බවට ලද තොරතුරක් අනුව ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

