(අමදෝරු අමරජිව)
මුතුර් කිලිවෙඩ්ඩි මුත්තුමාරි අම්මාන් කෝවිලේ ආවතේව කටයුතු කරමින් ව්‍යාජ නමකින් පෙනි සිටි මුස්ලිම් ජාතිකයෙකු ලබන ජුනි 3දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මුතුර් මහේස්ත්‍රාත් මොහොමඩ් සම්සුදින් මහතා මුතුර් පොලිසියට නියම කළේය.
මෙසේ බන්ධනාගාර ගත කෙරුණේ එරාවුර්, කොට්ඨාස අංක 1 පදිංචි බුහාරි මොහොම්මදු ලාපිර් ඛාන් (41) හෙත් සිවා නැමැති අයයි.
සැකකරු සතුව තිබු කුරාණය පොත් තුනක්, ජංගම දුරකථනයක් අධිකරණයට ඉදිරිපත් කළ අතර එම ජංගම දුරකථනයේ නවසීලන්ත මුස්ලිම් පල්ලියේ ප්‍රහාරය දැක්වෙන විඩියෝවක් අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන්ගේ ඝාතන දැක්වෙන විඩියෝවක් මෙන්ම මෙරට පසුගිය කාලය තුළ මුස්ලිම් සිංහල ගැටුම්වල විඩියෝ දර්ශන ඇතැයි පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.
සැකකරු කාන්තාවන් තිදෙනෙකු විවාහ කරගෙන ඇති බවත් එක් කාන්තාවක් දෙමළ ජාතිකයකු බවත් සෙසු දෙදෙනා මුස්ලිම් අය බවත් කියයි.
සිවා නැමැති ව්‍යාජ නමකින් වසරක කාලයක් සිට සැකකරු කොවිලේ ආවතේව සිදුකරමින් සේවය කර තිබේ.

