(තිළිණි ද සිල්වා )
විදේශ කටයුතු අමාත්‍යවරයාට අපහාස වන අයුරින් ව්‍යාජ ට්විටර් ගිණුමක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය කළ පැමිණිල්ල පිළිබඳ වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය එම ව්‍යාජ ට්විටර් ගිණුම මේවන විට අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් සිසිර විජේසිංහ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදයට ව්‍යාජ ට්විටර් ගිණුම පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
අදාළ ව්‍යාජ ට්විටර් ගිණුම මඟින් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා උපුටා දක්වමින් හිටපු ඉන්දීය අග්‍රමාත්‍ය මන්මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වූ බවට ප්‍රවෘත්තියක් පළ කරමින් අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙයි.
මෙම ව්‍යාජ ප්‍රවෘත්තිය පළ කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් ඉල්ලීමක් කළේය.
මේ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය අද (26) දහවල් එම ව්‍යාජ ට්විටර් ගිණුම අත්හිටුවීමට කටයුතු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

