ව්‍යාජ ඇමරිකා ඩොලර් මිලියනය අලෙවි කිරීමට ගිය අයෙක් කොටුවෙයි


(ඉන්දිකා රාමනායක)

ඇමැරිකා ඩොලර් මිලියනයක ව්‍යාජ මුදල් නොට්ටුවක් රුපියල් ලක්ෂ 10 මුදලකට අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයකු කින්යා මාන්චෝලෙච්චනෙයි ප‍්‍රදේශයේ  විශේෂ කාර්ය බළකා කැලෑ පුලියන්කුලම කඳවුරේ  භට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරු මෙම ව්‍යාජ මුදල් නොට්ටුව අලෙවි කිරීමට සුදානම් වන බවට ලැබුණු තොරතුරක් මත  විශේෂ කාර්ය බලකා භට කණ්ඩායම් සෝදියක් සිදුකර මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරු සතුව එම නෝට්ටුව නීත්‍යානුකූල එකක් බවට ඇමරිකාවෙන් නිරීදේශ කර තිබු බව සඳහන් ව්‍යාජ සහතික පතක්ද තිබී ඇත.
ඇමරිකා ඩොලර් මිලියනයේ  නෝට්ටු ඇමැරිකාව නිකුත් කරන්නේ සමරු මුදල් නෝට්ටු වශයෙන් පමණක් බවත් මෙහි කිසිදු මුදල් වටිනාකමක් නොමැති බවත් පොලිසිය කියයි.