ව්‍යවස්ථාව ගැන වාද කිරීම නවතන්නයි බෙල්ලන්විල හිමියෝ කියති


(නිමල කොඩිතුවක්කු)

දැනට මේ ව්‍යවස්ථාව පිළිබඳ වාද විවාද සිදු කරන එක නවතා  රටේ අනෙකුත් සංවර්ධන ක‍්‍රියාවලිවලට මුල්තැන දී කටයුතු කරන ලෙසට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පවසති.
 
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පැවති මාධ්‍ය හමුවකට අද (24) එක්වෙමින් ඒ හිමියෝ මේ බව කීහ.

“මේ රටේ ජනතාව මේ රජය බලයට පත්කර ගැනීමට මූලික වූ බොහෝ කාරණා තියෙනවා.  සමහර දේවල් පිළිබද යහපත් පියවර ගෙන තිබෙනවා. දැන් මේ ව්‍යවස්ථාවක් පටලවා ගෙන මේ වෙලාවේ බෙදිලා අපි මේ රටේ අනෙකුත් දේවල් පිළිබඳ කරන කාර්යන්ට වඩා අපි හිතන්නේ දැනට මේ ව්‍යවස්ථාව පිළිබඳ.  ඒ නිසා මේ ව්‍යවස්ථාව පිළිබඳ වාද විවාද කරන එක නවත්තලා රටේ අනෙකුත් සංවර්ධන ක‍්‍රියාවලිවලට මුල්තැන දීලා කටයුතු කරන්න.අවශ්‍ය වුනොත් ව්‍යවස්ථාවේ  ජනතාව ඉල්ලපු ප‍්‍රධාන දෙයක් තියෙනවනම් කරන්න.
එකක් තමයි ඔය විධායක ජනාධිපති ක‍්‍රමයට තියෙන අසීමිත බලතල අඩුකරන එක. ඒක දැනටම කෙරිලා තියෙන්නේ. ඊළගට මේ මැතිවරණය වෙනස් වෙන්න ඔන කියන එක. අන්න ඒක දෙන්න. දැන් පළාත් සභාවලටත් ප‍්‍රදේශීය සභාවලටත් ඒ ක‍්‍රමය යොදන්න කියලා තවමත් ඒකත් අර්බුදයක තියෙනවා. “යැයි  උන්වහන්සේ පැවසූහ.

(ජායාරුප - ජයමාල් චන්ද්‍රසිරි)