ව්‍යවස්ථා විවාදයට විමල්ගේ පිරිස නෑ


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතුරු වාර්තාව විවාදයට ගත් අද  දිනයේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු  එයට සහභාගී නොවූහ.

විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරු පස් දෙනෙක්  ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකත්වය දරති.
 
ඔවුහු පසුගියදා ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා අස්වූහ. 

ඔවුන්  මෙහෙයුම් කමිටු අතුරු වාර්තා විවාදය සඳහා  සහභාගීවී නැත්තේ එනිසා බව දැනගන්නට තිබේ. 
 
ගෙන එන්නට යන ව්‍යවස්ථාව රටට අහිතකර බව කියමින් වීරවංශ මහතා පසුගිය දා චෝදනා කළ අතර ආණ්ඩුවේ ඇමැතිවරුන් කීවේ ඒ ගැන පාර්ලිමේන්තු විවාදයේදී කතා කළ හැකි බවයි.