වළසා මග පෙන්වන්නාට පහර දෙයි


විල්පත්තු වනෝද්‍යානයයේ මරදන්මඩුවේ ගල්බැඳි නිරාවියේදී  වළසකු සපා කෑමෙන් තුවාල ලද ස්වේච්ඡා මග පෙන්වන්නකු අනුරාධපුර රෝහලට ඇතුළු කළ බව වනජීවී නිලධරයෝ කියති.

අතක් හා පාදයක  තුවාල සහිතව එම පුද්ගලයා කිලෝමීටර් තිස් දෙකක් ඔසවාගෙන යාමට ද සඟයනට සිදු විය.