( චන්දන ප‍්‍රනාන්දු )
පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණ තොරතුරක් මත සිරිගම්පල ප‍්‍රදේශයේ ගෙවත්තක වළදමා තිබු නොමේරු බිළිඳු කළලයක් සොයාගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
වෙන්නප්පුව පොලිසියට පොලිස් හදිසි ඇමතුම් ඒකකයෙන් ලැබුණු තොරතුරු මත සිරිගම්පල ප‍්‍රදේශයේ කාන්තාවක් පොලිස් බාරයට ගෙ කළ පරීක්ෂණවලදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව එම කාන්තාවගේ නිවස පිටුපස වැසිකිළියක් අසල වලදමා තිබු මෙම බිළිඳු කළලය සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.
පසුගිය සෙනසුරාදා මෙම කළලය වලදමා ඇති බවට තොරතුරු හෙළි වු බවත් මෙය ස්වභාවිකව සිදු වු මළ දරු උපතක්ද එසේත් නැතිනම් ඉපදුන පසුව සිදුකල ඝාතනයක්ද යන්න සොයා බැලිමට මේ වනවිට කළලය හලාවත රෝහලේ පශ්චාත් පරික්ෂණයක් සඳහා තැන්පත් කර ඇති බව පොලිසිය කීය.
සැකකාර කාන්තාව මේ වන විට රෝහල්ගත කර තිබේ. මෙම කළලය හොඳින් වැඩි තිබුණ බවත් මාස 5 ත් 6 ත් අතර වයසක මෙම කළලය තිබු බව පොලිස් නිළධාරියෙක් පැවසීය