දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් බවට වර්ධනය වෙමින් ගිනිකොණ දෙසින් පවතී. මේ හේතුවෙන් බොහෝ පෙදෙස් වල සහ දිවයින අවට මුහුදේ අහස වළාකුලින් බරව පවතින අතර වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වයක් පවතී. බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇත. නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වල ඇතැම් ස්ථානයන්හි මිලි මීටර 100 ට ආසන්න වූ තද වැසි ඇතිවේ.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වලින් වැළකී සිටීම වඩාත් සුදුසුය. අනෙකුත් මුහුදු ප්‍රදේශ වල ද අවධානයෙන් සිටීම වැදගත්ය.
ඊසාන හෝ වයඹ දෙසින් හමන සුළඟ පැයට කිලෝ මීටර 30 ක් 40 ක් පමණ වේගයෙන් හමා යයි. මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයිනට බස්නාහිර, දකුණු, ගිනිකොණ සහ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝ මීට 70 දක්වා ඉහළ යාමට ඉඩ ඇත.
මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව



