වහා පඩි වැඩි කරන්නැයි රනිල් ඉල්ලයි


තෙල් මිල වැඩි කිරීමත් සමග සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවා මිල ගණන් ඉහළ යන බවත්  ජනතාව  උග්‍ර ජිවන අර්බුදයට වැටී ඇති බවත් එහෙයින් සියලු සේවක වැටුප් වහා වැඩි කළ යුතුයැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුවේ උද්ඝෝෂණයේ දී පැවැසීය. ආණ්ඩුවේ දූෂණ, වංචා සහා අක්‍රමිකතා හා නාස්තිකාර වියදම් නිසා රට උග්‍ර ආර්ථික අර්බුදයකටපත් ව මහජනයා ඊට වන්දි ගෙවතියි ද වික්‍රමසිංහ මහතා කීවේය.