වහල් වැඩ කළ කත වසර 13කට පසු ගෙදර


සෞදි අරාබියේ වසර 13 ක කාලයක් කිසිදි වැටුපක් හෝ නිවාඩුවක් නොලබා වහල්  සේවයේ යෙදවූ කැකිරාවේ එම් එච් ධනවති මහත්මිය බදාදා (25) රාත්‍රීයේ රියාද් සිට ශ්‍රී ලංකාව බලා පියාසර කළ යු එල් 266 දරන  ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් කොළඹට පිටත් කර  යැවු බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු නිලධාරි රොෂාන් ගුණවර්ධන මහතා පැවසීය .

ධනවතිට හිමිවූ ලක්ෂ 21 ක් චෙක් පතක් මගින් අද දින (26) ඇයගේ අතටම ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ විදේශ කටයුතු සුභසාධන අමාත්‍යවරිය කටයුතු කළ බවද රොෂාන් මහතා සඳහන් කරයි

දනවති මහත්මිය පසුගිය 6 වැනි සිකුරාදා නැගෙනහිර කලාපිය ජංගම සේවාවට පැමිණියේ ඇයගේ හාම්පුතා සමග තම ගමන් බලපත අලුත් කර ගැනීම සඳහාය. සොයා බැලීමේදී හෙළිවුයේ  වසර 13 ක් කාලයක් පුරාවට කිසිදු වැටුපක් හෝ නිවාඩුවක් ලබා නොදී ඇය වහල් සේවයේ යොදවා ඇති බවයි.

ඒ අනුව තානාපති බාරයට ගත් ධනවති හට ලැබිය යුතු සියලු මුදල්  සහ ගුවන් ගමන් ගාස්තුද හාම්පුතා යැයි  කියන ගත සිරියා ජාතිකයාගෙන් අය කර ගැනීමට ශ්‍රී ලංකා තානාපති බලධාරීන් කටයුතු කළේය.