(විනීතා එම් ගමගේ)
‘‘වහලය උඩ නොවෙයි කොහේ නැග්ගත් බන්ධනාගාගරය තුළ සිදුවෙන නීති විරෝධී වැඩ මම නතර කරනවා’’ යැයි බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.
බන්ධනාගාර වහලය උඩ නැග සිටින කාන්තා රැදවියන් පිළිබඳ ගත යුතු පියවර පිළිබඳ උපදෙස් බන්ධනාගාර අධිකාරිවරයාට දුන් බවත් ඇය පැවැසුවාය.
අද බන්ධනාගාර වහළය මත නැගී උද්ඝෝෂණය කරන අයට වෙඩි නොතබන බැවින් බිය විය යුතු නැතැයි ද අතුකෝරල මහත්මිය කීවාය.
ඇමතිනිය මේ අදහස් පළ කළේ නිවිතිගල උඩ තුත්තිරි පිටිය පාලම සඳහා මුල් ගල තැබීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිලිතුරු දෙමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද කීවාය.
‘‘මම සිද්ධිය දැක්කේ නැහැ. අද ඉන්නේ රත්නපුරේ. අද ඉතින් ඕන කෙනෙකුට තමන්ට කැමති විදිහට උද්ඝෝෂණ කරන්න පුළුවන්. ඒකට අයිතිය තිබෙනවා. 2012 නොවැම්බර් 12 දා ඝාතනය වුණා වගේ රැඳවියන් ඝාතනය වෙන්නේ නැහැ. කල්පනාකාරිව ඉවසිල්ලෙන් ප‍්‍රශ්නවලට මුහුණ දෙනවා.