වසිම් අක්‍රම් උණ්ඩෙන් බේරෙයි


හිටපු පකිස්තාන ක්‍රිකට් නායක වසීම් අක්‍රම්ට නාඳුනන තුවක්කුකරුවකු වෙඩි තබා ඇතැයි කරච්චි නුවර සිට විදෙස් පුවත් සේවා කියයි.

වසීම් අක්‍රම් වේග පන්දු පුහුණු සැසියකට යමින් සිටියදී කරච්චි ජාතික ක්‍රීඩාංගණය අසල කර්සාස් මාර්ගයේදී ඔහුගේ මෝටර් රථයට එසේ වෙඩි තබා ඇතැයි කියති.

මේ බව තහවුරු කරමින් මාධ්‍යට ප්‍රකාශයක් ලබාදුන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් තමාගේ රථයේ කාරයක් ගැටුණු බවත් තවත් කාරයකින් පැමිණි පිරිසක් වෙඩි තබන්නට වූ බවත් කියා ඇත.