(ජේ.කේ.එල්. චාමින්ද)
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් වසා දමා තිබූ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍යාගාර හා වාට්ටු සියල්ල විවෘත කර ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය කේ.එච්.ජි ජිවරත්න මහතා පැවසීය.
කොරෝනා වසංගත තත්නය හේතුවෙන් 05 හා 25 යන වාට්ටු සහ සී ඇන් බි ශල්‍යාගාරය තාවකාලිකව වසා දැමීමට සිදුවු බවත් මේ වනවිට එම වාට්ටුව හා ශල්‍යාගාර සියල්ල විවෘත කර ඇති බවද වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යන බව පවසන වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයා රෝහලේ කොවිඩ් පාලන කටයුතු සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම්, වෙනත් වෘත්තීය සමිතවල සහයෝගය උපරිම වශයෙන් ලැබී ඇති බවද ඒ මහතා පැවසීය.

