වසා දැමූ යාපනය යළි විවෘත කරයි


(රොමේෂ් මධුෂංඛ)

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වසාදැමු යාපනය පොදු වෙළඳ සංකීරණය සහ මධ්‍යම බස්නැවතුම්පල අද (08) සිට යලි විවෘත කළ බව යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යලය පවසයි.

යාපනය නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා ඇතුලු යාපනය පොළේ වෙළෙන්ඳන් සහ වෙළඳ සංකීරණයේ වෙළෙන්ඳන් 300 කට ආසන්න පිරිසකට දින කිහිපයක් තුළදී කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා පසුගිය මාර්තු 24 වැනි දා සිට යාපනය මධ්‍යම බස් නැවතුම, පොළ, පොදුවෙළෙඳ සංකීරණය,මාර්ග රැසක් සහ ව්‍යාපාරික ස්ථාන රැසක් වසා තැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

කොරෝනා ආසාදිත සහ ආසාදිතයින්ගේ සමීපතයින් බවට හඳුනාගත් වෙළෙඳසල් 70 ක් පමණ වසා දමා අනෙක් සියලු වෙළඳසල් අද (08) සිට විවෘත කිරීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන ඇත.

එමෙන්ම යාපනය මධ්‍යම බස්නැවතුම්පලද සාමාන්‍ය පරිදි විවෘතව තැබීමට යාපනය ලංගම ඩිපෝ පාලනාධිකාරිය පියවර ගෙන ඇති අතර මගීන්ට සෞඛ්‍ය ආරක්ෂිතව ගමනා ගමන කටයුතු වල නිරත වන ලෙසටද දැනුම් දී ඇත.