වස්ගමුවේ කංසා හේනක් ගිනි දෙවියාට


විල්ගමුව වස්ගමුව  ජාතික වනෝද්‍යානයේ කදගහකන්ද කදුවැටියේ අක්කර දෙකක  කංසා හේනක් වැටලු විල්ගමුව පොලීසය අඩි හතක් උසට වැවුණ පැළ හාරදහසක් ගිනි තබා විනාශ කළේය.

විල්ගමුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ධම්මික සෙනවිරත්න දඹුල්ල විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ද සමඟ මෙම වැටලීම සිදු කැර ඇත.

කංසා තොගයේ වටිනාකම  රුපියල් අනු ලක්ෂයක් වෙතියි පොලීසිය කියයි.