(ඉන්දික අරුණ කුමාර)
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ බලපත්‍ර නොමැතිව රැදී සිටි පොලොන්නරුව ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් දෙදෙනෙක් හා හිමිනමක් ඇතුළු 28 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වස්ගමුව ජාතික වනෝද්‍යාන නිලධාරිහු පවසති.
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ නගානාගල ප්‍රදේශයේ දී වැටලීම සිදුකර තිබේ.
වෙසක් පොහෝ දින වස්ගමුව ජාතික වනෝද්‍යානයට බලපත්‍ර නොමැතිව ඇතුල්වීම හා රැදී සිටිමේ චෝදනා යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිමට නියමිතය.
අත්අඩංගුවට ගත් පිරිස සමග ඔවුන් සන්තකයේ තිබු පිහි කිහිපයක් හා ආහාර ද්‍රව්‍ය රැසක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් කුමන අරමුණක් සදහා වනෝද්‍යානයට ඇතුළු වූවාද යන්න සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.

