(අංජුල මහික වීරරත්න)
2023 දෙසැම්බර් 15 දක්වා වන සියලුම රජයේ අනුමත ගෙවීම් සඳහා භාණ්ඩාගාරය අරමුදල් නිකුත් කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි .
වසර 25 කට පසු සියලු ගෙවීම් අදාළ මූල්‍ය වර්ෂයේදීම පියවූ පළමු අවස්ථාව මෙය බවද ජනාධිපති කාර්යාලය පවසයි .
2023 දෙසැම්බර් 19 දක්වා විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම පාරිතෝෂිත දීමනා සඳහා හිඟ මුදල් නියමිත වේලාවට ලබා දීමට හැකි බවටද ජනාධිපති කාර්යාලය සහතික කරයි.

