වසරක් ගියත් ප්‍රතිඵල නෑ


විභාගය පවත්වා වසරක් ඉක්ම ගියද අධ්‍යාපන පරිපාලන සේවා විභාගයේ ප්‍රතිඵල මෙතෙක් නිකුත් කර නැතැයි ලංකා ගුරු සංගමය කියයි. 2011 වසරේ මාර්තු මාසයේ පැවැති මේ විභාගයේ විභාග ගාස්තුව රුපියල් 1000ක් වූ බවත්, අපේක්ෂකයන් 35000 ක් පමණ මේ සඳහා පෙනී සිටි බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි. මේ ගැන කළ විමසීමකදී විභාග දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු පැවැසුවේ ප්‍රතිඵල මේ වනතුරුත් නිකුත් නොකළ බව පිළිගන්නා බවත්, හැකි ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගන්නා බවත් ය.