වසර නවයකට පසු යළිත් වරක් ටෙස්ට් තරගයක් පැවැත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් සාජා ක‍්‍රිකට් සම්මේලන පිටියට අවස්ථාව ලැබී තිබේ. එළඹෙන ඔක්තෝබර් මාසයේදී ශී‍්‍ර ලංකාව සහ පකිස්තාන පිල අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගය සාජා පිටියේදී පැවැත්වේ.
ශී‍්‍ර ලංකා කණ්ඩායම 1984 සිට 2003 දක්වා සාජා පිටියේදී එක්දින අන්තර්ජාතික තරග 75කට කී‍්‍රඩා කර ඇති අතර ශී‍්‍ර ලංකා පිල එහි අවසන් වරට කී‍්‍රඩා කළේ 2003 වසරේ සිම්බාබ්වේ පිල සමගය. එහිදි එක්දින තරග 29 ක් පමණක් ජයග‍්‍රහණය කර ඇති ශී‍්‍ර ලංකා පිල තරග 44 ක් පරාජයට පත් වී ඇත.
පකිස්තානයට එරෙහිව පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය පැවැත්වෙන්නේ ද සාජාහිදිය. දැනට ටෙස්ට් තරග 4 කට පමණක් සත්කාරත්වය දක්වා ඇති සාජා කී‍්‍රඩාංගනයේදී අවසන් වරට ටෙස්්ට් තරගයක් පැවත්වූයේ 2002 දී ඕස්ටේ‍්‍රලියාව සහ පකිස්ථානය අතරය
පකිස්තාන- ශී‍්‍ර ලංකා තරග කාල සටහන
ඔක් : 18 - 22
පළමු ටෙස්ට් - අබුඩාබිහි ෂෙයික් සෙයිඞ් කී‍්‍රඩාංගනයේදී
ඔක් : 26 - 30
දෙවැනි ටෙස්ට් තරගය - ඩුබායි ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී
නොවැ: 03 - 07
තෙවැනි ටෙස්ට් තරගය - සාජා ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී
නොවැ 11
පළමු එක්දින අන්තර්ජාතික තරගය - ඩුබායි ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී (දිවා රාතී‍්‍ර)
නොවැ 14
දෙවැනි එක්දින අන්තර්ජාතික තරගය - ඩුබායි ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී (දිවා රාතී‍්‍ර)
නොවැ 18
තෙවැනි එක්දින අන්තර්ජාතික තරගය - ඩුබායි ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී (දිවා රාතී‍්‍ර)
නොවැ 20
සිවුවැනි එක්දින අන්තර්ජාතික තරගය - සාජා ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී (දිවා රාතී‍්‍ර)
නොවැ 23
පස්වැනි එක්දින අන්තර්ජාතික තරගය - අබුඩාබිහි ෂෙයික් සයිඞ් ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී (දිවා රාතී‍්‍ර)
නොවැ 25
විස්සයි-20 අන්තර්ජාතික තරගය - අබුඩාබිහි ෂෙයික් සයිඞ් ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී (දිවා රාතී‍්‍ර)