නිමල කොඩිතුවක්කු
ඇවන්ට්ගාඩ් සමාගම නාවික හමුදාව යටතට පත්කිරීමෙන් පසු 2015 වසරේ සිට මේ දක්වා කාලයේ රුපියල් කෝටි 560ක මුදලක් උපයා ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදි අද(18) පැවසීය.
ඇවන්ට්ගාඩ් සමාගම පවත්වාගෙන ගිය මුළු කාලය තුල නාවික හමුදාවට ගෙවා ඇත්තේ රුපියල් කෝටි 180 ක මුදලක් පමණක් බවත් එය මේ දක්වා උපයා ඇති මුදලෙන් තුනෙන් එකක් බවත් ඔහු සඳහන් කරයි.
මෙම ගණුදෙනුව හේතුවෙන් එම කාලයේ රටට අවම තරමින් බිලියන පහ හයක් අහිමි වූ බවත් ඇමැතිවරයා කීවේය. ඔහු මේ බව කීවේ කොළඹ 07, නිදහස් ආකේඩ් පරිශ‍්‍රයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
ඇවන්ට්ගාඩ් සමාගම නාවික හමුදාව යටතට පත්කිරීමෙන් 7000කට රැකියා අහිමිවූ බවට නැගෙන චෝදන සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් නාවුක හමුදාව යටතේ වෙනත් සමාගම් වල අය, විදේශ ජාතිකයන් මුහුදු ආරක්ෂක සේවාවේ නිරත වන බවත් අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් කීවේය.