වසර 28කට පසු පේදුරුතුඩුව-කන්කසන්තුර මාර්ගය විවෘත කරයි


සිතුම් චතුරංග
 
වසර 28 කාලයක් වසාදමා තිබූ පේදුරුතුඩුව - කන්කසන්තුරය ඒ.බි. 21 මාර්ගය අද (05) ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නියෝග අනුව විවෘත කරනු ලැබීය.
 
1990 ජුනි 20 වැනිදා සිට යාපනය පලාලි යුද හමුදා අධි ආරක්ෂිත කලාපය පිහිටා තිබීම හේතුවෙන් ආරක්ෂිත ක‍්‍රියාමාර්ගයක් ලෙස සිවිල් ජනතාවට මෙම මාර්ගය වසා දැමූ බව   යුද හමුදාව පවසයි.
 
සිවිල් ජනතාවට පේදුරුතුඩුව මයිලඩ්ඩි වරාය විවෘත කර පේදුරුතුඩුව ප‍්‍රදේශයේ ඉඩම් ලබාදීමත් සමඟ එම ජනතාවට ජීවන වෘතිය කරගැනීම සහ වෙනත් කාරණා සදහා කන්කසන්තුරය දක්වා ගමන් කිරීමට කිලෝමීටර 22කට අධික දුරක් ගමන් කළයුතුව තිබුණි. මාර්ගය විවෘත කිරීමෙන් පසු පේදුරුතුඩුව ජනතාවට කිලෝමීටර 3.5 පමණ දුරක් ගමන් කිරීමෙන් කන්කසන්තුරයට ගමන් කළ හැකිව තිබේ.