(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වසර දෙසීයකට වඩා පැරණි අපරැක්කනාකුට්ටිය අම්බලම බැකෝ යන්ත්‍රයක් යොදා කඩා ඉවත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගත් බව තිහගොඩ පොලීසිය පවසයි.
පුරා විද්‍යා වටිනාකමකින් යුත් මෙම අම්බලම ඩෝසර් කිරීම සම්බන්ධයෙන් පුරා විද්‍යාදෙපාර්තමේන්තුවද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
අදාළ අම්බලම කඩා ඉවත් කිරිමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවට ප්‍රදේශවාසීන් විසින් දිගින් දිගටම කරන ලද පැමිණිලි අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එම ඉඩම පවරා ගෙන එහි අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට මුලික ක්‍රියාදාමයන් සිදු කරමින් පවතින අතරතුර මෙම විනාශය සිදු කර තිබෙන බව කියති.
තවද ඒ සඳහා ප්‍රාදේශීය දේශපාලඥයකු ද සම්බන්ධ වී ඇති බවට ගම්වාසීන් තුළ සැකයක් මතු වී තිබේ.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කිරීමෙන් පසුව ලබන 16 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.