වසර 165 ක් පැරණි නාලන්ද රජයේ තානායම විනාශ මුඛයේ



(ඉන්දික අරුණ කුමාර)


වසර එකසිය 165 කට වඩා පැරණි නාලන්ද රජයේ තානායම  විනාශ වෙමින් පවතින බව ප‍්‍රදේශවාසිහු පවසති.


මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ නාලන්ද ප‍්‍රදේශයේ එවකට (1850 කාලය) පැවැති හමුදා කඳවුර ආසන්නයේ වර්තමානයේ නාලන්ද රජයේ රෝහල ආසන්නයෙන් මෙම තානායම පිහිටා තිබේ.


‘‘ඓතිහාසික මාතලේ ’’ ග‍්‍රන්ථයක අනුව 1853 අප්‍රේල් මස 30 වැනිදා එවකට මාතලේ සහකාර ආණ්ඩුවේ හිටපු උප ඒජන්ත වරයෙකු වු විලියම් කොප්ටන් ට්වයිනම් විසින් සිය දින පොතේ තබන ලද සටහනක් අනුව මෙම නාලද්ද තානායම පිළිබඳ තොරතුරු අනාවරණ වෙයි.


ඒ නවය මාර්ගයේ දඹුල්ලට ගොස් අසු පිටින් සීගිරියට ගිය ගමන පිළිබඳව හා නාලන්ද නාතායම සෑදීම සඳහා පලාතේ කංකානම් වරයෙකු විසින් ලබාදී ඇති ඇස්තමේනතුව පිළිබඳව ද ඔහුගේ දිනපොතේ සටහන් වී ඇති බව ඓතිහාසාක මාතලේ කෘතිය හෙළි කරයි.
පසුගිය කාලයේ විවිධ පාර්ශව විසින් ඉතා හොද මට්ටමෙන් පවත්වගෙන ගිය නාලන්ද තානායම මේ වන වනවිට වල් බීහි වී ගරා වැටි තිබේ.


රාත‍්‍රි කාලයේ විවිධ අපචාර මෙන්ම  බාහිරින් පැමිණෙන විවිධ පුද්ගලයින්ගේ විවිධ අශෝභන ක‍්‍රියාවන් තානායම් භූමියේ දක්නට ලැබෙන බව ප‍්‍රදේශවාසිහු කියති.


ප‍්‍රදේශවාසීහ්නගේ තොරතුරකට අනුව අප එහි සංචාරය කරන අවස්ථාවේ දී ඉපැරණි තවමත් හොද ශක්තියකින් පවතින ගොඩ නැගිලි කිහිපයක් දක්නට ලැබුණි.


කාමර දහයකට ආසස්න ප‍්‍රමාණයක් ඇතුලතින් පිහිටි මෙම නාලන්ද තානායම ප‍්‍රදේශයේ ඉතා ජනප‍්‍රි  තානායමක් බවට පත්ව තිබු බව ප‍්‍රදේශවාසිහු පවසති.


රැකියා රැසක් බිහිව තිබු නාලන්ද තානායම වසා දැමීට කටයුතු කිරීම බලවත් පාඩුවත් බව ප්‍රදේශවාසීනුගේ  මතය වී තිබේ.
මාතලේ සිට දඹුල්ල දක්වා පිහිටි මාර්ගයේ පවතින එකම රජයේ තානායම වන නාලන්ද තානායම මහජනතාවගේ පරිශිලනය සඳහා  කඩිනමින් යළි විවෘත කරන්නැයි ප‍්‍රදේශවාසිහු රජයෙන් ඉල්ලීමක් කරති.