රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වසර පහක් තුළ සියයට සියයකින් ඉහළ නංවන බව විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරූ මහතා පැවසුවේය.
විශ්ව විද්‍යාල සඳහා දැනට වසරකට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 20,000ක් වන අතර එය ක‍්‍රමානුකුලව 40,000 දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බවද ඇමැති කීවේය.
රැකියා අවස්ථා සඳහා ගැලපෙන පාඨමාලා නව කේ ඔස්සේ හඳුන්වා දෙමින් සිසුන්ට විශ්ව විද්‍යාල අවස්ථා වැඩි කරන බවද කී ඇමතිවරයා විශේෂයෙන්ම කලා උපාධි සඳහා බඳවා ගන්නා සිසුන් වෙනුවෙන් එම නව පාඨමාලා හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේය.
විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ තත්ත්ත්වය සහ ගුණාත්මකභාවය නියාමනය සඳහා විශේෂ කවුන්සිලයක් හෝ සභාවක් ඇති කළ යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

