වසංගත පාලනයේ වුවමනාවට එන්නත් දෙන්න


(රංජන් කස්තුරි)

වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට විශේෂත්වයක් ලෙස සලකා කොවිඩ් මර්ධන එන්නත් ලබාදීම දැඩි පිළිකුළෙන් යුතුව හෙලා දකින බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩල සඳහන් කරයි.

මුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයම දැඩි අවධානමකට ලක්ව තිබියදී ඉන් එක් කණ්ඩායමක් වන වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණය ඉවත් කරගත යුතු බවත් එලෙස ඉවත් කර නොගතහොත් අනෙකුත් සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බවද පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල  මණ්ඩලයේ සභාපති රවි  කුමුදේශ් මහතා පැවසීය.

රටට ලබී තිබෙන සීමිත එන්නත් ප්‍රමාණය වසංගත පාලනයේ උවමනාවන්ට අනුව ප්‍රමුණතා අනුපිළිවෙලකට ලබාදීම ඉතා වැදගත් බවද ඔහු කීය.