වස විසට වැට බඳින්න රතන හිමි කැමැත්තෙන්


නව ආණ්ඩුවේදීද වස විසෙන් තොර ගොවිතැනක්,පරිසර හිතකාමී ආහාර රටාවක්,ජනතාවට නීරෝගී දිවිපෙවෙතක්, ලබාදීම වෙනුවෙන් පෙනී සිටින බව පාර්ලිමෙන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

ඒ සම්බන්ධයෙන් වන ව්‍යාපෘතියක් භාරගැනීමේ කැමැත්තෙන් සිටින බවද උන්වහන්සේ කීහ.

බලාපොරොත්තු වන්නේ එවැනි විෂයයක් පිළිඹඳ අමාත්‍යධූරයක්දැයි විමසූ අවස්ථාවේ,අමාත්‍යධූරයක් බලාපොරොත්තු නොවන නමුත් යම් වගකීමක් භාරදෙනු ඇතැයි විශ්වාස කරන බවත් එය පරිසර හිතකාමී වසවිසෙන් තොර ගොවිතැන පිළිඹද ව්‍යාපෘතියක් වන්නේ නම් ඉතා කැමැත්තෙන් එය භාරගන්නා බවත් උන්වහන්සේ පැවසූහ.