වස මුසු වතුර බිව් දොස්තර රෝහල් ගත වේ
නිල නිවසේ ජල ටැංකියට වස මුසු කළැයි කියන සිද්ධියෙන් පසු සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය චාමින් ද විතාරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කොළඹ රෝහලකට ඇතුළු වී සිටියි. එම පිරික්සුමේ ප්‍රතිඵල අනුව තම බිරිය හා දරු දෙන්නා පරීක්ෂණයකට ලක් කරන බව ද ඔහු කියයි. වස මුසු කළ බව කියන සුළු සේවකයා රිමාන්ඩ් බාරයේ පසුවන නමුත් වසදීමට උපදෙස් දුන්නැයි කියන දොස්තර ගැන කිසිම තොරතුරක් නැතැ. ඔහු පදිංචිව සිටි නිල නිවසට පොලිස් මුර යොදා ඇත.

