ඉඩෝරයත් සමඟ ජලය සොයා යන වන සතුන් මැරීමට දිය කඩිතිවලට වස දමන පිරිසක් සොයා හම්බන්තොට වන ජීවී කාර්යාලය පරීක්ෂණ අරඹයි.
හම්බන්තොට මැටිගත් වැවට වස දමා මුවන් තිදෙනකු හා වදුරන් තුන් දෙනකු මරා දමා ඇතැයි කියති.
මෙම වස වර්ගය කුමක් දැයි සොයා ගැනීම සඳහා ජල සාම්පල් හා සතුන්ගේ සිරුරු කොටස් උඩවලව ඇත් අතුරු සෙවණේ පංශු වෛද්‍ය කාර්යාලයට යැවු බව අඩවි ආරක්ෂක එච් එම් ඒ ගුණතුංග මහතා පැවසීය.

