(රොමේෂ් මධුෂංඛ)
වව්නියාවේ වසා දැමු පැරණි බස් නැවතුම්පල නැවත විවෘත කරන ලෙස උතුරු මහඇමැතිගේ නියෝගයට විරෝධය පාමින් අද (3) වව්නියාව නගරයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ හර්තාලය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවු වව්නියාවේ පැරණි බස් නැවතුම්පළේ වෙළඳසල් පමණක් වසා දමා තිබුණි.
නගරයේ අනෙක් සියලුම වෙළඳසල් සාමාන්‍ය පරිදි විවෘතව පැවති බවත් පාසල්, රජයේ ආයතන මෙන්ම පෞද්ගලික ආයතන වලද කටයුතු සාමාන්‍ය පරිදි සිදු විය.
මේ අතර වව්නියාව වෙළඳ සංගමයේ සාමාජිකයින් කියා සිටියේ පැරණ බස් නැවතුම්පලේ වව්නියාව නගරය තුළ ධාවනය වන පෞද්ගලික හා ලංගම බස්රථ ගාල් කොට ධාවනය කිරීමට ඉඩ ලබාදීමටත් වව්නියාව නගරයෙන් පිට ධාවනය වන සියලු බස් රථ නව බස්නැවතුම්පලේ ගාල් කිරීමට පියවර ගන්නා බවත් පැරණි බස් නැවතුම්පලට ඇතුල් වීමට නොහැකිවන ලෙස බැරල් දමා වසා තැබීමෙන් තම ව්‍යාපාර බිඳවැටෙන නිසා අදාල කරුණු මුල් කරගනිමින් අද (3) හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවයි.
වව්නියාවේ විවෘත කොට තිබූ වෙළඳසල් හිමියෝ පැවසුවේ සමාජජාලා මගින් පමණක් අද දින හර්තාලයක් ක්‍රියාත්මක කරන ලෙසට දැනුම් දී තිබූ හෙයින් තමන්ට වගකිවයුත්තෙකුගෙන් කිසිදු දැනුම්දීමක් නොවුණු හෙයින් සිය වෙළඳසල් සාමාන්‍ය පරිදි විවෘත කළ බවයි.
මේ අතර පැරණි බස්නැවතුම්පළ යළි විවෘත කරන ලෙසට ඉල්ලා උතුරේ සියලුම ලංගම බස් ධාවනයෙන් ඉවත්වී තෙවැනි දිනටත් ක්‍රියාත්මක නොවීම නිසා උතුරේ ග්‍රාමීය ගමනාගමන කටයුතු වලට දැඩි සේ බාධා එල්ල වීමෙන් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වූහ.






