(රොමේෂ් මධුෂංඛ)
ලබන 27 වැනිදා උතුරු නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කිරීමට නියමිත හර්තාලය වෙනුවෙන් සිය වෙළඳාම් කටයුතු වලට බාධා වන බැවින් වෙළෙඳසැල් වැසීමට නොහැකි බව වවුනියාවේ වෙළෙඳ සංගම් කිහිපයක් දැනුම් දී ඇත.
අදාළ වෙළෙඳ සංගම් කියා සිටින්නේ හර්තාලය වෙනුවෙන් තමන්ගේ සහය ලබා දෙන නමුත් සෙනසුරාදා,ඉරිදා හා මැයි පළවැනිදා එකට යෙදීම නිසා සිය වෙළෙඳසැල් 27 වැනිදා වසා දමන්නේ නම් දින පහක කාලයක් වසා දැමීමට වෙන හෙයින් තමන් ගැටලු කිහිපයකට මුහුණ පා සිටින බවයි.
මේ නිසා 27 වැනිදාට පසු දින සතියේ දිනක් වුවද සිය ව්‍යාපාර ස්ථානවල සේවකයින් නොපැමිණෙනු ඇතැයිද එම සංගම් කියයි.
මේ අතර වවුනියාවේ අතුරුදහන් වූවන්ගේ සංගමයේ සභාපතිනි කාසිපිල්ලෙයි ජෙයවදිනි කියා සිටියේ උතුරේ සෙසු දිස්ත්‍රීක්කයන්හි වෙළඳසැල් වසා හර්තාලයක් කරන බැවින් වවුනියාවේද කෙසේ හෝ හර්තාලය කරන බවයි.

