(සිතුම් චතුරංග)
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් වව්නියාව බස් නැවතුම්පල වසා දැමීමත් හා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතාගේ ක‍්‍රියාකලාපයට විරෝධය පලකරමින් උතුරු පළාතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයෝ අද (1) බස්රථ ධාවනයෙන් ඉවත්වී වැඩවර්ජනයක නිරත වෙති.
උතුරු පළාතේ ලංකා ගමනාගමන මණ්ඩයේ ඩිපෝ 7 සේවකයෝ බස් ධාවනයෙන් ඉවත්ව වැඩවර්ජනයේ නිරතව සිටිති.
වැඩවර්ජනයට සහය දක්වමින් වවුනියාව පැරණි බස්නැවතුම්පොල ආශ‍්‍රිත වෙළඳසල් 147 ද වසාදමා කළු කොඩි ඔසවා බස්නැවතුම්පල වසාදැමීමට විරෝධය පල කළේය.
ලංගම බස්රථ සේවකයින්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ගමන් බිමන් යාමට පැමිණි මගීහු විශාල පිරිසක් පීඩාවට පත්වුහ. වසා දැමුණු පැරණි ලංගම බස්නැවතුම්පොල වෙත ආරක්ෂාව සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.







