වවුනියාවේ ගෙවත්තක ජීව අත්බෝම්බයක්


(සිතුම් චතුරංග)

වවුනියාව ශාන්ත සෝලෙ ගෙවත්තක තිබී එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් නිෂ්පාදනය කරන්නට ඇති බව කියන එස්.එෆ්.ටි 87 වර්ගයේ ජීව අත්බෝම්බයක් සොයාගත් බව වවුනියාව පොලිසිය පවසයි.

නිවැසියන් විසින් වගාකිරීමට භූමිය සකස් කරමින් සිටියදී මෙම ජීව අත්බෝම්බය හමුවී ඇතැයි පොලිසිය කියයි.

කිසියම් අයෙකු අත්බෝම්බය ගෙන දැමුවේද යන්න සොයා වවුනියාව අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.