සිතුම් චතුරංග
70 වැනි නිදහස් දිනය සමරන දකුණේ දේශපාලනඥයින් උතුරේ අතුරුදන්වූවන්ගේ ගැටළුව විසඳාදිමට කටයුතු නොකළ බව පවසමින් වවුනියාවේ අතුරුදන්වූවන්ගේ ඥාතීහු අද විරෝධතාවක නිරත වූහ.
යුද සමයේ අතුරුදන්වූවන් සොයා දෙන ලෙසට ඉල්ලමින් දින 342 කාලයක් සත්‍යග්‍රහයේ යෙදී සිටින තමන් දෙස කිසිදු බලධාරියකු අවධානය යොමු නොකළ බව ද ඔවුහු පවසති.
දකුණේ නිදහස් දිනය සැමරුවද තමන්ගේ අතුරුදන්වූ ඥාතීන් සොයාදෙන තෙක් සැබෑ නිදහසක් තමන්ට උදාවන්නේ නැතැයි ද ඔවුහු කියති.


