වවුනියාවෙන් පැහැරගත් බිළිඳා පුදුකුඩුඉරිප්පුවෙන් හමුවෙයි


 

සිතුම් චතුරංග

වවුනියාව ගුඩ්සෙඩ් මාර්ගයේ නිවසකින් පැහැරගත් අටමස් බිළිඳා අද සවස පුදුකුඩුඉරිප්පු වල්ලිපුරම් හි නිවසක රඳවා සිටියදි සොයාගත් බව පුදුකුඩුඉරිප්පු පොලිසිය පවසයි.

බිළිඳා රඳවා ගත් බව කියන නිවසේ කාන්තාවන් දෙදෙනකු ද පොලිස් අත්අඩංගුවට පත්විය.

පසුගිය 31 වැනි දා මෙම දරුවා අතුරුදහන් විය.