(සිතුම් චතුරංග)
වවුනියාව , අලගල්ල , අලූත්ගම ප‍්‍රදේශයේ ඉඩමක තිබී ගුවන් යානා නාශක පතුරොම් 85 ක් සොයාගත් බව ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි.
ප‍්‍රදේශවාසියකු විසින් කැළෑ ඉඩමක් පරීක්ෂා කිරීමේදී අදාල ගුවන් යානා නාශක පතුරම් කිහිපයක් දැක පොලිසිය වෙත දැනුම්දී තිබේ.
ඊරට්ටපෙරියකුලම පොලිස් නිලධාරීන් හා ටිගර් නම් පොලිස් නිල සුනඛයා යොදවා එම ස්ථානය පරීක්ෂා කිරීමේදී පොළව අභ්‍යන්තරයේ තිබූ පතුරම් තොගය හමුවී ඇති බව පොලිසිය සඳහන් කළේය.
පොලිසිය පැවසූයේ සොයාගත් ගුවන් යානා නාශක පතුරම් 12.4 / 54 වර්ගයේ ගුවන් යානා නාශක පතුරම් බවට හදුනාගෙන ඇති බවයි.
පසුගිය යුද සමගේ වවුනියාව ගුවන් හමුදා කදවුර වෙත ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණි එල්.ටි.ටි.ඊ ත‍්‍රස්ථවාදීන් විසින් මෙම පතුරම් රැගෙන එන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
සොයාගත් පතුරම් තොගය වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නිශ්ක‍්‍රීය කිරීමට නියමිතව තිබුණි.
ඊරට්ටපෙරියකුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරති.



